මහනුවර, කන්ද හන්දිය, කැප්පෙටියාව ප‍්‍රදේශයෙන් අභිරහස් උමගක් සොයාගත් පුවතක් අද (11) අප ඔබට වාර්තා කළා.
කැප්පෙටියාව ගම්මානයේ ජල ව්‍යාපෘතියක් සදහා කාණු කපමින් සිටියදී මෙම උමං මාර්ගය මතුව ඇති බවයි සඳහන් වුණේ.
උමග හමු වූ ස්ථානය අලවංගුවකින් හාරනවිට එය ගැඹුරට ගිය බවත් තවදුරටත් පරීක්‍ෂා කර බැලීමේදී අඩි 30 ක් පමණ ගැඹුරැති උමං මාර්ගය දුටු බවත් එම ස්ථානයේ වැඩ කරමින් සිටි ප‍්‍රදේශවාසියෙකු සඳහන් කර කළේ
පසුව ප‍්‍රදේශවාසීන් කිහිප දෙනෙකු උමගට බැස එය නිරීක්‍ෂණය කර ඇති අතර හරස් අතට ගමන් කළ හැකි මාර්ග දෙකක් තිබූ බවත් එහි කිසිදු අපහසුවකින් තොරව අඩි දහසක පමණ දුරක් ගමන් කිරීමට හැකි වූ බවද ප‍්‍රදේශවාසියෙකු පවසුවා.ඔවුන්ගේ මතය වූයේ මහනුවර රාජධානි සමයේ හගුරන්කෙත දක්වා රහසිගත උමං මාර්ගයක් තිබූ බවත් මෙය එවැන්නක් විය හැකි බවත්ය
කෙසේ වෙතත් මෙම ස්ථානය ආරක්ෂිත ලෙස වසා දැමීමට භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කැනීම් කාර්යාංශය තීරණය කොට තිබෙනවා.
මෙම උමඟ, උමං මාර්ගයක් නොව ගැඹුරු මිනිරන් පතලක් විය හැකි යැයි එම ස්ථානය පරීක්ෂාවක් සිදුකළ එම ආයතනයේ නිලධාරීන් පවසන්නේ.
තලාතුඔය, මාරස්සන, මයිලපිටිය, කන්දහන්දිය වැනි ප්‍රදේශවල අතීතයේදීෙ මිනිරන් පතල් රැසක් තිබී ඇති බවත් මෙම ගැඹුරු වළ එවැනි පතලක් විය හැකි යැයි එම නිලධාරීන් වැඩිදුරටත් පවසනවා.
භූ විද්‍ය සමීක්ෂණ හා පතල් කාර්යංශයේ මහනුවර ප්‍රාදේශිය කාර්යාලයේ අධ්‍යක්ෂ ඉන්ද්‍රජිත් රොද්‍රිගු මහතා පවසන්නේ මෙම පතල වසර තිහක් පමණ පැරණි යැයි අනුමාන කරන බවත් පතලේ කැණීම් අවසන්වූ පසු එය අතහැර දමා ඇති බවත්ය.
වසර ගණනාවක් පැරණි බැවින් මෙම පතලේ පුරා විද්‍යාත්මක වටිනාකමක් ඇත්දැයි පරීක්ෂා කිරීම සඳහා පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ අදාල අංශ පැමිණෙනතුරු ස්ථානය ආරක්ෂා කර තබන ලෙසට භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යංශය මගින් තලතුඔය පොලීසියට දැනුම් දී තිබෙනවා.