Monday, September 23, 2024

General line - 0115112241

“විශ්‍රාම ගිය රණවිරුවන්ට රජයේ පුටු – තරුණ රැකියාවලට බාධාවක් කියලා කියන්න එපා”




වත්මන් රජය රණවිරුවන්ට නොසළකන බවට ඇතැමුන් විවිධ චෝදනා සිදු කළත් සියලුම රජයන්ට වඩා රණවිරුවන්ගේ සුබසාධනය හා ගෞරවය ආරක්ෂා කිරීමට වත්මන් රජය කැපවී සිටින බව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා පවසනවා.

ජනාධිපති මේ බව පැවසුවේ තාක්ෂණ නිළධාරින් ලෙස බඳවා ගත් විශ‍්‍රාමික රණවිරුවන් 50 දෙනකුට පත්වීම් ලිපි ප‍්‍රදානය කරමින්. වැඩ කළ හැකි වයසේ පසුවන විශ‍්‍රාමික රණවිරුවන් නැවතත් ජාතික සංවර්ධනය සඳහා යොදා ගැනීමෙන්  ඔවුන්ගේ සුබසාධනයද වර්ධනය කිරීම මෙම වැඩසටහනේ අරමුණ වී ඇති බවයි ජනාධිපතිවරයා පැහැදිළි කළේ.

ජාතික සංවර්ධනයට දායක කරගත හැකි විශ‍්‍රාමික රණවිරුවන්ගේ සංඛ්‍යාව 113,598 ක් පමණ වන බව ද ජනාධිපති කාර්යාලය සඳහන් කළා.

මෙම වැඩපිළිවෙළ හේතුවෙන් තරුණ පරපුරේ රැකියා හිඟයට මෙය යම් බාධාවක් විය හැකි බවට ඇතැමුන් මෙය විවේචනය කළ හැකි වුවත් එය එසේ නොවන බවයි ජනාධිපතිවරයා සඳහන් කළේ. තරුණ පරපුර රජයේ රැකියා සඳහා යොමු වන්නේ ආධුනිකයින් ලෙස බවත් අත්දැකීම් බහුල මෙවැනි පිරිස් ඊට බාධාවක් නොවන බවයි ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ.