Monday, September 23, 2024

General line - 0115112241

බැඳුම්කර වංචා පිළිබඳ විශේෂ සාකච්ඡාවක් – අවසන් තීරණය ජනපති අතේ




හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් වරදකරුවෙකු නම් හිමි විය යුතු දඬුවම ජනාධිපතිවරයා විසින් තීරණය කරනු ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන අද (11) ප‍්‍රකාශ කළා.

ඒ, මුදල් අමාත්‍යංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

මහබැංකු බැඳුම්කර වංචා පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ලබන සිකුරාදා මුදල් මණ්ඩලය රැස්වී සිදුකිරීමට නියමිතයි. එමගින් මහබැංකු බැඳුම්කර වංචාවට අදාළ වැදගත් තීන්දු තීරණ රැසක් ගනු ඇතැයි රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී ප‍්‍රකාශ කළා.

බැඳුම්කර වංචාව පිළිබඳ අභ්‍යන්තර පරීක්ෂණයක් ද මේ දිනවල සිදුකරන බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ. එම පරීක්ෂණයෙන් හා මුදල් මණ්ඩලය රැස් වී ගැනීමට නියමිත තීන්දුවලින් අනතුරුව හිටපු මහබැංකු අධිපතිවරයා සම්බන්ධයෙන් තීරණයක් ගනු ඇති බවයි මුදල් රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ.