Monday, September 23, 2024

General line - 0115112241

කුණු කන්දේ ගින්න තවමත් – දුමාරයෙන් නගරයම වැසී යයි




බදුල්ල වින්සන් ඩයස් ක‍්‍රීඩාංගණය පිටුපස ඇති කුණු කන්දේ හටගත් ගින්න තවමත් සම්පූර්ණයෙන්ම මැඩපැවැත්වීමට හැකියාවක් ලැබී නැහැ.

ගින්න මැඩපැවැත්වීම සඳහා ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව හෙලිකොප්ටර් යානා 3 ක් ද යොදවා තිබෙනවා. කුණු කන්දේ ගින්නෙන් පිටවන දුමාරයෙන් බදුල්ල නගරය තවමත් වැසී පවතින බවයි නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කළේ.

පවතින තත්ත්වය හේතුවෙන් පාසල් 5ක් ද වසා දැමීමට පියවර ගැනුණා.

මෙලෙස වසා දැමීමට තීරණය කර ඇත්තේ බදුල්ල විහාරමහා දේවී විද්‍යාලය, ඌව මහා විද්‍යාලය, ධර්ම දූත මහා විද්‍යාලය, අල් අදාන් විද්‍යාලය හා බදුල්ල දෙමළ මහා විද්‍යාලයයි. දුමාරය ආග‍්‍රහණය වී රෝගී වූ සිසු සිසුවියන් ගණන 19 ක්. තවත් 20 දෙනෙකු ද දුම ආග‍්‍රහණය වී රෝගී වී ඇති බවයි වාර්තා වෙන්නේ.

කුණු කන්දේ දුමාරය විටින් විට නගරය පුරා පැතිරීම හේතුවෙන් දෛනික කටයුතුවලට ද අද දිනයේ එල්ල වී තිබුණේ දැඩි බාධාවක්.