Monday, September 23, 2024

General line - 0115112241

දැරියන් 216 ක් අපයෝජනය වෙලා ලු




මධ්‍යම පළාතේ ළමා නිවාස කිහිපයක දැරියන් 216 දෙනෙකු අපයෝජනයට ලක්ව ඇති බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිලූකා ඒකනායක පවසනවා.

මහනුවර පුෂ්පදාන බාලිකා විද්‍යාලයේ අද (11) පැවති උත්සවයකට එක්වෙමින් ආණ්ඩුකාරවරිය මේ බව සඳහන් කළා.

ළමා නිවාසවල සිදුවන ඇතැම් සිදුවීම් තමන්ට රහසිගත අයුරින් දැනගන්නට ලැබී ඇතැයි ද ඇය මෙහිදී කියා සිටියා.

මධ්‍යම පළාතේ ළමා නිවාස මින් පසු හඳුන්වන්නේ ළමා සංවර්ධන මධ්‍යස්ථාන ලෙස බවද ආණ්ඩුකාරවරිය මෙහිදී වැඩිදුරටත් පැවසුවා.