Monday, September 23, 2024

General line - 0115112241

කොළඹදී ඇල්ලූ තායි පිරිමි ගණිකාවෝ (PHOTOS)




තායිලන්තයේ සිට පැමිණි පිරිමි ලිංගික ශ‍්‍රමිකයින් පිරිසක් ශ‍්‍රී ලංකාවේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, කොළඹ කොටුව ප‍්‍රදේශයේදීයි. අත්අඩංගුවට ගත් පිරිස අතරට පිරිමි ලිංගික ශ‍්‍රමිකයින් තිදෙනෙකු අයත්. ඔවුන් ශල්‍යකර්ම මගින් ලිංගික විපර්යාසයන් සිදුකරගත් අය බවයි මූලික පරීක්ෂණවලදී හෙළි වුණේ. ඊයේ (11) රාත‍්‍රියේ මෙම වැටලීම සිදුකළේ නෙත් එෆ්.එම්. බැලූම්ගල සිදුකළ විමර්ශනයකට අදාළවයි.

මෙම පිරිමි ලිංගික ශ‍්‍රමිකයින් යොදාගෙන ජාවාරම සිදුකළ බව කියන ප‍්‍රධාන සැකකරු ද අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම ජාවාරම වැඩි වශයෙන් සිදුකරගෙන ගොස් ඇත්තේ කොළඹ නගරය කේන්ද්‍ර කරගනිමින්. ජංගම දුරකථනය ඔස්සේ සොයා ගන්නා ගැණුම්කරුවන්ට මෙම තායිලන්ත පිරිමි ලිංගික ශ‍්‍රමිකයින් ලබා දී ඇත්තේ අධික මිල ගණන්වලටයි.
මෙම විමර්ශනයට අදාළ නෙත් එෆ්.එම්. බැලූම්ගල වැඩසටහන ඉදිරියේදී විකාශය කිරීමට නියමිතයි.

thai-www-nethnews-lk00001 thai-www-nethnews-lk00002 thai-www-nethnews-lk00003 thai-www-nethnews-lk00004