Monday, September 23, 2024

General line - 0115112241

බැඳපු තුවක්කුවක් මිනිසෙක් බිලිගනී




වන සතෙකු දඩයම් කිරීම සඳහා වගයාකුලම වැව අසල බැඳ තිබූ තුවක්කුවක් පත්තු වීමෙන් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා. නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ මෙලෙස මියගොස් ඇත්තේ තිරප්පනේ වෙල්ලමුදෑවේ පදිංචි
56 හැවිරිදි පුද්ගලයෙකු බවයි.

ඔහුගේ පුත‍්‍රයා පොලිසියට පවසා ඇත්තේ බැඳ තිබූ තුවක්කුව අසල වෙඩි වැදී වැටී සිටි පියා නිවසට රැුගෙන එමින් සිටියදී මියගිය බවයි. එම ආසන්නයේ බැඳ තිබූ තවත් තුවක්කුවක් තිරප්පනේ පොලිසිය විසින් සොයා ගැනුණා.