area 51 යනු ලොව බොහෝ දෙනා අතර කතාබහට ලක්වන ප්රදේශයකි.
වසර ගණනකට පෙර මෙම පිටසක්වල යානයක් කඩා වැටුණා යැයි නිර්මාණය වූ පුවත නිසාත්,ඇමරිකා එක්සත් ජනපදය මෙම ප්රදේශයේදී පිටසක්වල ජීවින් හා සම්බන්ධකම් පවත්වනවා යැයි පැවසෙන නිසාත් බොහෝ දෙනාට area 51 පිළිබඳ ඇත්තේ කුහුලකි.
සිවිල් ජනතාවට තහනම් කලාපයක් වන මෙයට ඉහළින් ගුවන් යානයකට හෝ පියාසර කිරීමට ඉඩ නොදෙන බවයි පැවසෙන්නේ.
කෙසේ වෙතත් area 51 පිළිබඳ නවතම පුවතක් විදෙස් වෙබ් අඩිවි අණාවරණය කරනවා.
එම පුවතේ දැක්වෙන ආකාරයට ක්රියාන්විත යතුරු පැදි කරුවන් දෙදෙනෙක් නෙවාඩා ප්රදේශයෙන් ගමන් කරමින් සිටියදී එක්විටම කඩා වැදුණු ආයුධ සන්නද්ධ සෙබලුන් දෙදෙනෙකු විසින් මොවුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබෙනවා
පසුව ඔවුන් තර්ජනය කරමින් පවසා ඇත්තේ ‘‘ අපි උඹලට අවස්ථාවක් දෙනවා..මැරුම් නොකා මෙහෙන් පිටවියල්ලා‘‘ යනුවෙනි.
මෙම යතුරු පැදි කරුවන් දෙදෙනා අනාවරනය කරන පරිදි එම ප්රදේශය area 51 කලාපයට ඇතුළුවන පිටපස දොරටුවකි.
area 51 කලාපය ඇත්තේද නෙවාඩා ප්රදේශයේයි.
මේ සියල්ල සටහන් වී තිබුණේ යතුරුපැදිකරුවන් දෙදෙනාගේ හිස්වැසුම් වල සවිකර තිබූ කැමරා වලිනි.
පසුව ඔවුන් මෙම වීඩියෝ පට අන්තර්ජාලය වෙත මුදාහැර තිබූ අතර ඔවුන් පවසා තිබුණේ මේ පිළිබඳ සැඟවීමට රජයට ඉඩ නොදෙමු ලෙසයි
ඡායාරූප හා වීඩියෝ පහතින් නරඹන්න.