Monday, September 23, 2024

General line - 0115112241

“බලනකොට මූ මට වඩා හොරෙක් නේ”




තමන් එෆ්.සී.අයි.ඩී යට නඩු පවරන්නට කටයුතු කළ බවත්  ඉදිරියේදී තවත් නඩු  රැසක් දැමීමට නියමිත බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා.

අද (12) හම්බන්තොට, මෛත්‍රීගම ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා කියා සිටියේ මෙරට අධිකරණ පද්ධතිය ස්වාධීන බව තවමත් විශ්වාස කරන බවයි.

එහිදී හෙතෙම වැඩි දුරටත් සඳහන් කළේ “මාව අත්අඩංගුවට ගත්තු නිලධාරියා මිනී මැරුම් නඩුවකට ඇප පිට. සති දෙකකට තුනකට කලින් ඇප හම්බවෙලා තියෙන්නෙ. බලනකොට මූ මට වඩා හොරෙක් නේ… මාව හිරේ දාන්න ආවේ මටත් වඩා හොරෙක් නේ.” යනුවෙනි.

පොලිසියේ සිටින හොරු පිළිබඳවද සොයා බලන ලෙස මෙහිදී නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා පොලිස්පතිගෙන්ද ඉල්ලීමක් කළා.