Monday, September 23, 2024

General line - 0115112241

ගෝඨා ඇතුළු තිදෙනෙක් උසාවියට දක්කන් යෑම ගැන ජනපති කතා කරයි (VIDEO)




හිටපු ආරක්ෂක ලේකම්වරයා සහ හිටපු නාවික හමුදාපතිවරුන් තිදෙනෙකු අධිකරණයට දක්කාගෙන යෑම පිළිබඳව තමා සම්පූර්ණ අප්‍රසාදය පළ කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (12) සඳහන් කළා.

‘සත්විරු උරුමය‘ ආරක්ෂක අංශවලට නිවාස හා ඉඩම් හිමිකම් පිරිනැමීමේ උත්සවයට කොළඹ පදනම් ආයතනයේ දී එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව පැවසුවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය හා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව යන ආයතන දේශපාලන න්‍යාය පත‍්‍රවලට අනුව කටයුතු කරන්නේ නම් එම ආයතනවලට එරෙහිව ක‍්‍රියාමාර්ග ගන්නා බවද ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නා.

සී.අයි.ඩී, එෆ්.සී.අයි.ඩී සහ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව දේශපාලන න්‍යාය පත්‍රයන්ට කටයුතු කරන්නේ නම් ඒ සම්බන්ධයෙන් තමන්ටද තීන්දු තීරණ ගැනීමට සිදු වන බවයි එහිදී ජනාධිපතිවරයා සඳහන් කළේ.

ස්වාධීන කොමිෂන් සභා ඇතුළු වංචා හා දූෂණ චෝදනා පිළිබඳව පරීක්ෂණ කරන ආයතන තම පරීක්ෂණ පිළිබඳව ජනාධිපතිවරයා හා අග‍්‍රාමාත්‍යවරයා දැනුවත් කළ යුතු යැයි ද ජනාධිපතිවරයා සඳහන් කළා.

අග‍්‍රාමාත්‍යවරයා සහ අමාත්‍ය මණ්ඩලය සමඟ ඊයේ (11) පස්වරුවේ කළ සාකච්ඡාවක දී ද තමා මේ බව ප‍්‍රකාශ කළ බවයි ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ.

(වීඩියෝව පහතින් නරඹන්න)

(හඬපටය පහතින් අහන්න)