Monday, December 23, 2024

General line - 0115112241

තරුණ තරුණියන්ට රැකියා දෙන හැටි අගමැති කියයි




මෙරට ඉදිරි සංවර්ධන සැලසුම් එළඹෙන අයවැයට පෙර ජනතාව හමුවට ඉදිරිපත් කරන බව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා පවසනවා.

ඔහු පෙන්වා දෙන්නේ ජී.එස්.පී. ප්ලස් බදු සහනය යළිත් වරක් ලබාගෙන මෙරට තරුණ තරුණියන් සඳහා නව රැකියා උත්පාදනය කිරීම රජයේ අරමුණ වන බවයි.

කොළඹදී අද (12) ආරම්භ කෙරුණු 2016 ලෝක අපනයන සංවර්ධන සමුළුව අමතමින් අග‍්‍රාමාත්‍යවරයා මේ බව කියාසිටියා.

ශී‍්‍ර ලංකාව, ඉන්දියන් සාගරයේ ආර්ථික කේන්‍ද්‍රස්ථානයක් බවට පත් කිරීම වත්මන් රජයේ ප‍්‍රමුඛ අරමුණක්. ඒ යටතේ වරාය සහ ගුවන් තොටුපොල තවදුරටත් සංවර්ධනය කිරීමද සිදුකරන බවයි අග‍්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නේ.

ති‍්‍රකුණාමල වරාය කේන්‍ද්‍ර කර ගනිමින් විශේෂ සංවර්ධන ව්‍යාපෘතීන් රැසක් කි‍්‍රයාත්මක කිරීමට සැලසුම් කර තිබෙනවා.

එමෙන්ම හම්බන්තොට කර්මාන්ත පුරයේ වැඩ කටයුතුද මේ වනවිට ආරම්භ කර ඇති බවයි අග‍්‍රාමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේ.