Monday, September 23, 2024

General line - 0115112241

ඉදිරි මාස තුනෙත් වැස්ස අඩු වෙයි




වසරේ ඉදිරි මාස තුන ඇතුළත දිවයිනට ලැබෙන වර්ෂාපතනයේ අඩුවක් දක්නට ලැබෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එහි අධ්‍යක්‍ෂ ජනරාල් ලලිත් චන්ද්‍රපාල කොළඹ අද (12) පැවති මාධ්‍ය හමුවකදී කියාසිටියේ දිවයිනේ ප‍්‍රදේශ කිහිපයකට ඉදිරි දිනවලදී සුළු වශයෙන් වැසි අපේක්‍ෂා කළ හැකි බවයි.

අන්තර් මෝසම් කාළගුණ තත්ත්වය මේ වන විට ස්ථාපිත වෙමින් ඇති බවත් එහෙත් එම වැසි මගින් ඉදිරි මාස 03 තුළ ඇති වන සම්පූර්ණ වර්ෂාපතනය සාමාන්‍ය වර්ෂාපතනයට වඩා අඩු අගයක් ගන්නා බවට දැනට සියලු ආදර්ශක මගින් පෙන්නුම් කරන බවත් සඳහන් කළා.