Monday, September 23, 2024

General line - 0115112241

සරසවි සිසුන් 12 ක් රිමාන්ඩ්




ජ්‍යෙෂ්ඨ සිසුන් පිරිසකට පහරදීමේ චෝදනාව යටතේ අත්අඩංගුවට ගැණුනු පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිසුන් 12 දෙනෙකු හෙට (13) දිනය දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කෙරුණා.

ඒ, මහනුවර ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් බුද්ධික ශී‍්‍ර රාගලගේ නියෝගයකට අනුවයි.

ඉකුත් 22 වැනිදා පේරාදෙණිය විශ්වවිද්‍යාල භූමියේදී සමසෞඛ්‍ය පීඨ සිසුන් පිරිසකට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මොවුන්ට චෝදනා එල්ල වනවා.

පහර කෑමෙන් තුවාල ලැබූ සිසුන් සිව් දෙනෙකු පේරාදෙණිය මහරෝහලේ ප‍්‍රතිකාර ලබනවා.