Sunday, December 22, 2024

General line - 0115112241

ත්‍රිකුණාමලයේදී කළහාකිරී පිරිසකට පොලිසිය වෙඩි තබයි




රාජකාරියට බාධා කරමින් පලා යාමට උත්සහ කළ පිරිසකට ත‍්‍රිකුණාමලය අධිකරණ සංකීර්ණය ඉදිරිපිටදී පොලිස් නිලධාරියෙකු අද (13) අලුයම වෙඩි තබා තිබෙනවා.

එහිදී වෙඩි වැදීමෙන් තුවාල ලත් දිලිප් කුමාර් නමැත්තෙකු මේ වන විට රෝහල්ගතව සිටින බවයි නෙත් නිවුස් වාර්තාකරු පවසන්නේ. තවත් අයෙකු ද සුළු තුවාල ලබා තිබෙනවා.

ත‍්‍රිකුණාමලය අධිකරණ සංකීර්ණය ඉදිරිපිටදී කිසියම් පිරිසක් කළහකාරී ලෙස හැසිරී තිබෙන අතර අදාළ පොලිස් නිලධාරියා උත්සහ කර ඇත්තේ ඒ පිළිබඳ විමසා බැලීමටයි.

කළහකාරී ලෙස හැසිරුණු පිරිස ඊට බාධා කර වෑන් රථයකින් පලා යාමට උත්සහ දරා තිබෙනවා. වෑන් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන සිටින බවයි නෙත් නිවුස් වාර්තාකරු වැඩිදුරටත් පැවසුවේ. වෑන් රථය ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.