Monday, September 23, 2024

General line - 0115112241

‘උසාවිය නිහඬයි’ හඬ නගයි




වාරණයකට ලක්ව තිබෙන ‘උසාවිය නිහඬයි’ චිත‍්‍රපටය සම්බන්ධයෙන් සංවාදයක් කොළඹදී ඊයේ (12) පැවැත්වුණා.

එහිදී අදහස් දැක්වූ චිත‍්‍රපට අධ්‍යක්ෂ බෙනට් රත්නායක සඳහන් කළේ මෙම චිත්‍රපටය හරහා මහජනතාවට පැහැදිළි තොරතුරක් ලබා දෙන බවයි.

(එම හඬපටය පහතින් අහන්න)

අදහස් ප‍්‍රකාශ කිරීමට නිර්මාණකරුවන්ට හෝ වෙනත් ඕනෑම පුද්ගලයෙකුට අයිතියක් තිබෙන බවද පෙන්වා දෙන ඔහු පෙන්වා දෙන්නේ, අදහස් සත්‍ය නම් ඊට බාධා නොකළ යුතු බවයි.

මෙම සංවාදයට එක් වූ ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන ද කියා සිටියේ ‘උසාවිය නිහඬයි’ චිත‍්‍රපටය අධ්‍යක්ෂණය කළ ප‍්‍රසන්න විතානගේ වෙනුවෙන් කලාකාමී සියලුදෙනා පෙනී සිටිය යුතු බවයි.