Monday, September 23, 2024

General line - 0115112241

ආදිල් මිය යන්නට පෙර සහෝදරයාගේ දියණියට කෙටි පණිවුඩයක්




ජාතික මාධ්‍ය මධ්‍යස්ථානයේ සභාපති සහ හිටපු අමාත්‍ය ඉමිතියාස් බාකිර් මාකර්ගේ පුත් අාදිල් බාකිර් මාකර් එංගලන්තයේ ලන්ඩන් නුවරදී අභවප්‍රාප්ත වන විට දැඩි උණ රෝගී තත්ත්වයකින් පෙළී ඇති බව පැවසෙනවා.

එදින රාත්‍රියේ තම සහෝදරයාගේ දියණිය වට්ස්ඇප් පණිවුඩයක් යවමින් 26 වැනි වියේ පසුවූ ආදිල් බාකීර් සඳහන් කර ඇත්තේ ‘‘මම හොඳින් මට උණ ගතියක් තියෙනවා ඔයා චූටි බබා එක්ක සතුටින් ඉන්නවා නේද‘‘ යනුවෙනුයි.

ආදිල්ගේ වියෝවෙන් පසුව ලන්ඩනය වෙත ගොස් ඇත්තේ ඔහුගේ වැඩිමහල් සොහොයුරායි.ඔහු සේවය කරන්නේ කටාර් රාජ්‍යයේයි.

ආදිල් බාකීර් නීතිඥයෙකු වන අතර ඔහු වැඩිදුර අධ්‍යාපනය සඳහා ලන්ඩන් නුවර ‘ලන්ඩන් ස්කූල් ඔෆ් ඉකොනොමික්ස්’ හී පශ්චාත් උපාධිය වෙනුවෙන් අධ්‍යාපනය හදාරමින් සිටියා.

අාදීල් බාකිර් මාකර් පස් දෙනෙකුගෙන් යුත් පවුලේ සිව්වැන්නායි.

අදාළ සිද්ධිය පිළිබඳව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාද හිටපු අමාත්‍ය ඉමිතියාස් බාකිර් මාකර් වෙත ශෝකය පළ කර තිබෙනවා.