Monday, September 23, 2024

General line - 0115112241

චම්පිකට පෙර විදුර ඉක්මන් වෙයි – චම්පික පැමිණීමෙන් උත්සවය උණුසුම් වෙයි




මහ නගර හා බස්නාහිර සංවර්ධන ඇමැති පාඨලී චම්පික රණවකගේ ප්‍රධානත්වයෙන් මොරගහහේන නව බස්නැවතුම්පොළ අද (13) විවෘත කිරීමට නියමිතව තිබියදී ඊට පෙර පිරිසක් සමග එහි පැමිණි මන්ත්‍රී විදුර වික්‍රමනායක මහතා පීත්ත පටියක් කපා එය විවෘත කිරීමට කටයුතු කළා.

ඒ අනුව මොරගහහේන නව බස්නැවතුම්පොළ විවෘත කිරීම අද දින පෙරවරු 9.30ට යොදා තිබුණත් එය පෙරවරු 8.15ට විවෘත වුණා.

එහිදී රැස්ව සිටි පිරිස ඇමතූ විදුර වික්‍රමනායක සඳහන් කළේ “මොරගහහේන මගේ ගම, එක එක්කෙනාට ඇවිත් චණ්ඩි පාට් දාන්න බෑ. මෙහේ වැඩ කරන්නේ අපි. එදත් වැඩ කළේ අපි. අදත් වැඩ කරන්නේ අපි” යනුවෙනි.

පසුව, නව බස් නැවතුම්පොළ විවෘත කිරීමට ඇමැති චම්පික රණවක ද එහි පැමිණි තිබීමත් සමග උණුසුම්කාරී තත්ත්වයක් ඇති වී තිබුණා. උත්සවය සභාවේ කටයුතු ආරම්භ කිරීමෙන් පසු විශාල පිරිසක් මාර්ගය හරස් කරමින් එහි සිටීම හේතුවෙන් මෙම උණුසුම්කාරී තත්ත්වය  හට ගත්තා.

ආරක්ෂාව සඳහා ඉංගිරිය, හොරණ,මොරගහහේන ඇතුළු අවට සියලුම පොලිසිවලින් නිලධාරීන් 150 ක් පමණ එහි කැඳවීමටත් පොලිසිය කටයුතු කළා.

මෙහිදී ඇමැති පාඨලී චම්පික උත්සව සභාව අමතමින් සඳහන් කළේ “රස්තියාදුකාර විරෝධතා අපි සත පහකට ගණන් ගන්නේ නෑ. එහෙම හිතන් ඉන්නවා නම් ලොකු වැරදීමක්. අපි මෙතැනට ආවේ නිකන් නෙමෙයි. රාජ්‍ය ත්‍රස්තවාදය පරාජය කරලා.” යනුවෙනි.

dscn0391 dscn0396 dscn0404 dscn03421 dscn03701 dscn03801 dscn03841 dscn03881