Sunday, December 22, 2024

General line - 0115112241

බන්ධනාගාර CCTV කැමරා මෙහෙයුම අතහරී




කොළඹ පිහිටි බන්ධනාගාර පරිශ‍්‍ර තුළ සී.සී.ටී.වී. කැමරා පද්ධති සවි කිරීම අතහැර දැමීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.

ඒ අනුව මීට පෙර තීරණය කර තිබුණේ වැලිකඩ, කොළඹ රිමාන්ඞ් සහ මැගසින් බන්ධනාගාරයන්හි සී.සී.ටී.වී. කැමරා පද්ධති සවි කිරීමටයි.

එක් බන්ධනාගාරයකට පමණක් කැමරා සවි කිරීමට රුපියල් මිලියන 30 ක පමණ මුදලක් වැය වන බව බන්ධනාගාර මාධ්‍ය ප‍්‍රකාශක තුෂාර උපුල්දෙණිය සදහන් කළා.

ඒ අනුව බන්ධනාගාර පරිශ‍්‍ර තුළ කැමරා සවි කිරීමේ තීරණය අත්හල බව ඔහු කියාසිටියා. කෙසේවෙතත් බන්ධනාගාර තුනෙහි පිවිසුම් ගේට්ටු ඉදිරිපිට සී.සී.ටී.වී. කැමරා පද්ධති සවි කිරීමට තීරණය කළ බවද තුෂාර උපුල්දෙණිය වැඩිදුරටත් සදහන් කළා. එම කැමරා මේ වසර අවසන්වීමට පෙර සවිකිරීමටයි අවධාරණය කෙරුණේ.