Monday, September 23, 2024

General line - 0115112241

ඥානසාර හිමිට චෝදනා ගොනු කෙරේ




බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට නීතිපතිවරයා විසින් සංශෝධිත චෝදනා පත‍්‍රයක් අද (13) ගොනු කරනු ලැබුවා.

ඒ, ඥානසාර හිමියන් ඉකුත් ජනවාරි 25 වෙනිදා හෝමාගම මහේස්ත‍්‍රාත් අධිකරණයට බාධාවන ආකාරයට කටයුතු කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් වන නඩුව අභියාචනාධිකරණයේදී කැඳවූ අවස්ථාවේදීයි.

ඥානසාර හිමියන් අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කරන ලෙසට ද උන්වහන්සේ වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයාට අභියාචනාධිකරණයේදී අද අවවාද කළ බවද නෙත් නිවුස් වාර්තාකරු පැවසුවා.