Monday, September 23, 2024

General line - 0115112241

ෆේස්බුක් සමාගමත් අන්දා මුදල් ඇමති රවීගේ ගිණුම උස්සලා – සාගර නම් තරුණයෙක් වැඩේ කළ හැටි මෙන්න




මුදල් අමාත්‍ය රවී කරුණානායකගේ නමින් ව්‍යාජ ෆේස්බුක් ගිණුමක් පවත්වාගෙන ගිය පුද්ගලයෙකු අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දීමක් කර තිබෙනවා.

සාගර දියගම නම් පැල්මඩුල්ල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු මෙලෙස ෆේස්බුක් ගිණුම පවත්වාගෙනගොස් ඇති බවයි මුදල් අමාත්‍යවරයාගේ මාධ්‍ය ලේකම්වරයා රහස්පොලිසිය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාට ලිපියකින් දැනුම් දී ඇත්තේ.

මෙම පුද්ගලයා රවී කරුණානායක අමාත්‍යවරයාගේ විදෙස් ගමන් බලපත්‍රය රහසේම ලබාගෙන ෆේස්බුක් ආයතනයට යවා Ravi Karunanayake Lanka Intelligence නමින් සහතික කරන ලද ෆේස්බුක් පිටුවක් ද ආරම්භ කර තිබෙනවා.

මේ අතර අමාත්‍යවරයාගේ නමින් නිල ට්විටර් ගිණුමක් ද ව්‍යාජ ලෙස පවත්වාගෙන යන බවයි මුදල් අමාත්‍යංශය පවසන්නේ.

fireshot-capture-67-72-ravi-karunanayake-lanka-in_-https___www-facebook-com_lankaintelligence_