Monday, September 23, 2024

General line - 0115112241

කොළඹ හිටපු අධිකරණ වෛද්‍ය නිලධාරී යළිත් අධිකරණයට




කොළඹ හිටපු ප‍්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී මහාචාර්ය ආනන්ද සමරසේකර විසින් ප‍්‍රතිශෝධන පෙත්සමක් කොළඹ මහාධිකරණය හමුවේ අද ගොනුකරනු ලැබුවා.

හිටපු රග්බි කී‍්‍රඩක වසීම් තාජුඞීන්ගේ මෘත ශරීරයේ කොටස් අස්ථාන ගත වීමේ සිද්ධිය සම්බන්ධයෙන් තමා අත්අඩංගුවට ගැනීමේ සූදානමක් ඇති බවත්, එලෙස අත්අඩංගුවට ගතහොත් ඇප මත මුදාහරින ලෙසත් ඉල්ලමින් ඔහු මීට පෙරද අධිකරණයෙන් ඉල්ලීමක් කළා.

එහෙත් අදාළ අපේක්ෂිත ඇප ඉල්ලීම ප‍්‍රතික්‍ෂේප කිරීමටයි කොළඹ මහේස්ත‍්‍රාත් අධිකරණය නියෝග කළේ.

එම තීන්දුව අභියෝගයකට ලක් කරමින් හිටපු අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා අද මෙම ප‍්‍රතිශෝධන පෙත්සම ගොනු කළා.

එ් අනුව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ  මිනීමැරුම් විමර්ශන එ්කකයේ ස්ථානාධිපතිවරයාට හා නීතිපතිවරයාට ඔක්තෝබර් විසි හත්වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසද මෙහිදී නියෝග කෙරුණා.