Monday, September 23, 2024

General line - 0115112241

ප්‍රභාකරන්ගේ රුව රැගත් පෝස්ටර් තබා ගත් කාන්තාවක් රටින් පිටුවහල්




හිටපු කොටි නායක වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ රුව රැගත් පෝස්ටර් හා කී ටැග් ළඟ තබාගෙන සිටි ජර්මන් ජාතික කාන්තාවක් වහාම මෙරටින් පිටුවහල් කරන ලෙසට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අරුණි ආටිගල මහත්මිය අද නියෝග කළා.

මලර්විලී ඊශ්වරරාජා නමැති ජර්මන් ජාතික කාන්තාව චුන්නාකම් ප්‍රදේශයේ හෝටලයක නැවතී සිටියදී මෙම භාණ්ඩ තොගය සමග චුන්නාකම් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන පසුව ත්‍රස්ත විමර්ශන ඒකකයට පරීක්ෂණ සදහා භාර දී තිබෙනවා.

මෙම සැකකාරිය මෙරට පදිංචිව සිට පසුව ජර්මනියේ පුරවැසි භාවය ලබා ගෙන ඇති බවට අධිකරනයේ දී කරුණු වාර්තා වුණා.