Thursday, April 25, 2024

General line - 0115112241

බැතිමතුන් කලබල වී එකිනෙකා පාගගෙන දුවලා – 23 ක් මරුට (VIDEO)




ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ වාරණාසි නුවර පැවති ආගමික උත්සවයකදී ඇතිවූ තෙරපීමකින් පුද්ගලයන් 23 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

වාරණාසි නුවර රාජ්ගාත් නැමති යකඩ පාලම මතින් දහස් ගණන් බැතිමතුන් සහ පූජකයන් ගමන් ගැනීමට උත්සාහ ගැනීමේදී තෙරපීම ඇති වූ බවයි විදෙස් වාර්තා සඳහන් කරන්නේ.

එහිදී පාලම කඩා වැටෙන බවට ප්‍රචාරයක් ඇතිවීම නිසා බැතිමතුන් කලබලයට පත්වී තිබෙනවා. පසුව ඔවුන් එකිනෙකා තෙරෙපෙමින් දිව ගොස් ඇති අතර එහිදී ඇද වැටුණු 23 දෙනෙකු මෙලෙස මියගොස් තිබෙනවා. සිද්ධියෙන් විශාල පිරිසක් තුවාල ලබා ඇති බවත් සඳහන්.

සිද්ධිය සම්බන්ධයෙන් මෙම ආගමික උත්සවය සංවිධාන කළ ගුරුදේව් ආශ්‍රමයේ පරිපාලකයන්ට චෝදනා එල්ලවූවත් ඊට ප්‍රතිචාර දක්වමින් ඔවුන් සඳහන් කරන්නේ උත්සවය සඳහා ප්‍රමාණවත් පොලිස් ආරක්ෂාවක් නොලැබුණු බවයි.