Friday, May 3, 2024

General line - 0115112241

විවාහයෙන් දෙදිනකට පසු‘මේක්අප්‘ නොදැමූ බිරිඳගේ රුව දැක සැමියා හොල්මන් වෙයි – මාස ගණනක් තිස්සේ ආලේපන වලින් රවටලා



‘මේක්අප්‘ නොදැමීම හේතුවෙන් සිය බිරිඳව දික්කසාද කළ සැමියෙකු පිළිබඳ පුවතක් විදෙස් මාධ්‍ය අණාවරණය කරනවා.

මෙසේ දික්කසාදයට ලක්වී ඇත්තේ අරාබි ජාතික කාන්තාවක්.

මොවුන් දෙදෙනා විවාහ වී දෙදිනක් පමණ වන බවයි වාර්තා වන්නේ.

34 හැවිරිදි හා 29 හැවිරිදි මෙම අඹුසැමි යුවල පසුගියදා නිවාඩුවක් ගතකිරීම සඳහා ඩුබායි හි අල් මම්සාර් වෙරළ තීරයට ගොස් තිබෙනවා.

පසුව මොවුන් මුහුදේ දිය ස්නානය කොට ඇති අතර ගොඩට පැමිණි සැමියාට දැක ගත හැකිව තිබෙන්නේ ‘මේක්අප්‘ ඉවත්වී ඇති බිරිඳගේ මුහුණයි.

පසුව ඔහු බිරිඳට පවසා ඇත්තේ ඇයගේ අවලස්සන මුහුණ තමාට හඳුනාගැනීමට හෝ නොහැකි වූ බවයි.

‘මේක්අප්‘ නොමැති ඔහු ඇයව දැක තිබූ පලමු වතාව මෙය බවයි වාර්තාවන්නේ.

විවිධ ආලේපන තුලින් තමාව රැවටූ බව පවසා මෙම සැමියා ඇයව එම මොහොතේම දික්කසාද කොට තිබෙනවා.

විවාහයට මාස 6කට පෙර මොවුන් දෙදෙනා විවාහ ගිවිස ගත් බවත්,කාන්තාව විසින් රූපය අලංකරණය කර ගැනීම සඳහා විවිධ සැත්කම් පවා කර තිබෙන බවත් වාර්තාවනවා

කෙසේ වෙතත් දික්කසාදයට ලක්වූ කාන්තාවගේ මානසික තත්වය ඉහළ නැංවීම සඳහා මේ වන විට වෛද්‍ය ප්‍රතිකාර ලබාදෙන බව වර්තාවනවා.