Friday, May 3, 2024

General line - 0115112241

කොළඹ පාරේ වාහන නවත්තන අයගෙන් මුදල් අයකරන්න ආපු අලුත්ම තාක්ෂණය…



කොළඹ නගරයට එන යන වාහන රියැදුරන් මුහුණදෙන බරපතලම ගැටළු දෙකකි. ඉන් එකක් අධික මාර්ග තදබදය වන අතර අනෙක වාහනය නවතා ගැනීමට නිසි ඉඩක් නොමැතිවීමය. ඉඩක් සොයාගෙන වාහනය නැවැත්වුවද, ඒ තැන්වලට පැමිණ සමහරු මුදල් අයකරන්නේ කිසිදු වගකීමකින් තොරවය. ටිකට් පතක් නොලැබෙන අවස්ථාද එමටය. මුදල් අයකරන තැනැත්තා කඩිමුඩියේ දුවගෙන එන්නේ වාහනයට නැග පිටත්වන්නට සැරසුණ විටදීය. අඩු තරමේ වාහනය සොර සතුරකු රැගෙනගියහොත්, මම අසවල් නැවතුමේ වාහනය නවතා තිබුණායැයි පවසන්නටවත් සාක්ෂියක් මෙතෙක් කලක් අපට ලැබුණේ නැත.

මීට මාස කිහිපයකට පෙර සිට කොළඹ නගරයේ මාවත්වල සහ අතුරු මාවත්වල වාහන නවතාලීම සඳහා ස්ථාන වෙනකර ඇතුවාක් මෙන්ම, ඒ සඳහා ටිකට් පතක් ලබාදීමද ආරම්භ විය. කෙසේ වෙතත් ඒ සේවාවෙහිද පෙර කී සේවාවන්ට වඩා වැඩි වෙනසක් වූයේ නැත. පුද්ගලික ආයතනයක් හරහා කොළඹ නගර සභාව ඇරඹි මෙම වැඩ පිළිවෙලෙහි මුල් කාලයේ සිදු වූයේ පැය කීයක් වාහනය නවතා තිබුණද යන්නට පිටත්වනවිට ටිකට්පතක් ලබාදීම පමණි.

නමුත් මේවනවිට එම සේවාව නවීකරණය වී තිබේ. ඒ නවීන තාක්ෂණයෙන් නිපදවා ඇති යන්ත්‍ර‍ වාහන නවතාලීමට ඉඩකඩ වෙන්කර ඇති මාවත්වල දැන් සවිකර ඇත. ඔබ එවැනි තැනක වාහනය නවතාලීමෙන් අනතුරුව, අදාල යන්ත්‍ර‍ය වෙතගොස් මුදල් ගෙවා රිසිට්පතක් ලබාගත යුතුය. මුලින්ම ඔබ තීරණය කළ යුත්තේ පැය කීයක් එම ස්ථානයේ නවතා තබන්නේද යන්නයි.

අනතුරුව වාහනය නවතා තබන කාලය, වාහනයේ අංකය සහ වාහන පංතියට අදාල තොරතුරු යන්ත්‍ර‍ය වෙත ලබාදී, අදාල මුදල නෝට්ටුවලින් හෝ Touch කාඩ්පත්වලින් ගෙවිය යුතුය (ඉදිරියේදී ජංගම දුරකතන ඇප්ලිකේෂන් (App) එකක් මාර්ගයෙන්ද ගෙවීම් කිරීමට අවස්ථාව ඔබට හිමිවේ). ඔබ බලාපොරොත්තුවන කාලයට වඩා වැඩි කාලයක් වාහනය එම ස්ථානයේ නවතා තැබීමට සිදුවූයේනම් ඊට අදාල කාලයට අදාල මුදල ගෙවා ටිකට්පතක් ලබාගැනීම ඔබේ වගකීමයි. එසේ නොවන විටකදී ඔබට දඩයක් නියම කිරීමට අදාල නීති රීති මේවනවිට නගර සභාව මගින් සකසමින් ඇති බවයි වාර්තා වන්නෙ.

මෙවැන් යන්ත්‍ර‍ 50ක් පමණ වැල්ලවත්ත සිට ගාළුමුවදොර දක්වා සහ ලිබර්ටි වටරවුමේ සිට වැල්ලවත්ත දක්වා ගාළු පාරේ සහ ආර් ඒ ද මැල් මාවතෙහි සහ ඒවායේ අතුරු මාර්ගවල සවිකර ඇත.

parking-03-www-nethgossip-lk00001 parking-03-www-nethgossip-lk00002