Sunday, September 22, 2024

General line - 0115112241

විපක්ෂයේ කට වැහෙන අයවැයකට ආණ්ඩුව සූදානම්




විපක්ෂයේ කට වැහෙන අයවැයක් ඉදිරිපත් කිරීමට ආණ්ඩුව සූදානම් බව මුදල් අමාත්‍ය රවි කරුණානායක පවසනවා.

අමාත්‍යවරයා පැවසුවේ අයවැය ජනතාවාදී අයවැයක් ලෙස ඉදිරිපත් කිරීමට රජය කටයුතු කරන බවයි.

“2017 අයවැය ඉදිරිපත් කරනවා නොවැම්බර් මස 10 වෙනිදා. ඒක සුවිශේෂ අයවැයක් , විපක්ෂයේ කට වහන්න පුළුවන් විදිහකට අපි අයවැයක් ඉදිරිපත් කරනවා. දැන් නොයෙක් තර්ක විතර්ක කරනවා. වැඩියෙන්ම ඔය තුන්, හතරදෙනෙක් පාර්ලිමේන්තුවේ ඉඳන් ලොකුවට සද්ද කරන අයගෙන්. මේක කරනවා , අරක වුනේ නැහැ , මේකේ ඉලක්කේ නැතිවුනා , ඒ අයගේ ඔය කියන තාවකාලික තෘප්තියක් ලබාගන්න පුළුවන් නොවැම්බර් මාසේ 10 වෙනිදා වෙනකොට. ඒ 10 වෙනිදා ඉදිරිපත් කරන අයවැය තුළ අපට මේකට උත්තරයක් දෙන්න පුළුවන් විදිහට අපි සැබෑ අයවැයක් ඉදිරිපත් කරනවා”.

අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ මුදල් අමාත්‍යංශයේ පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය අමතමින්.

මෙම සාකච්ඡාව පැවැත්වුණේ 2017 අයවැය යෝජනාවලිය සඳහා වෘත්තීය සමිතිවල අදහස් භාර ගැනීමටයි.