Sunday, September 22, 2024

General line - 0115112241

කුවේට් හිදි මියගිය ශී‍්‍ර ලාංකික කතකගේ වකුගඩු අලෙවි කළා දැයි සැකයක්




කුවේට් හිදි ගෑස් ටැංකියක් පිපිරීමෙන් ජීවිතක්ෂයට පත් වූ බව කියන මහව ගල්ලෑව ප‍්‍රදේශයේ නිලූකා නිල්මිණි ජයතිලකගේ මරණ සැක සහිත බව ඇගේ පවුලේ ඥාතීන් පවසනවා.

ඇය කුවේට් හි ගෘහ සේවිකාවක් ලෙස රැකියාවට ගොස් ඇත්තේ ඉකුත් ජූලි මස 3 වැනිදායි. ඔක්තෝබර් මස 4 වැනිදා ඇය ජීවිතක්ෂයට පත් වූ බවට පවුලේ ඥාතීන්ට දැනුම් දී තිබුණා.

මෙම කාන්තාවගේ සැමියාද සෞදි අරාබියේ සේවය කරන අයෙක්. කෙසේ වෙතත් මියගිය කාන්තාවගේ දේහය මෙරටට එවීමට මැදිහත්වීම ඔහු ප‍්‍රතික්‍ෂේප කර ඇති බවයි පවුලේ ඥාතීන් පැවසුවේ.

ඔවුන් සඳහන් කළේ සැමියාගේ මැදිහත්වීමෙන් ඇයගේ වකුගඩු අලෙවි කර ඇත්දැයි සැකයක් පවතින බවයි.
නිලූකා නිල්මිණිගේ දියණිය අදහස් දැක්වූ හඬපටය පහතින් දැක්වේ.

පසුව ඇයගේ දේහය මෙරටට රැගෙන විත් තිබුණා. එහිදී ගෑස් ටැංකියක් පිපිරීමෙන් සිදු වූ අනතුරකින් ඇය මියගියේ යැයි සැක කළ හැකි කිසිදු සලකුණක් නොතිබූ බවයි පවුලේ ඥාතීන් පැවසුවේ.

පඅදාළ සිද්ධිය සම්බන්ධයෙන් පවුලේ ඥාතීන් විසින් මහව පොලීසියට පැමිණිල්ලක්ද කරුණු ලැබ තිබෙනවා.

මේ අතර දේහය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරික්ෂණය මේ වන විට කුරුණෑගල ශික්ෂණ රෝහලේ සිදු කෙරෙන බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.