Thursday, April 25, 2024

General line - 0115112241

වරෙන්තුකරුවෙකු අත්අඩංගුවට ගැනීමට පොලීසිය මහජන සහාය පතයි




මරණීය දණ්ඩනය නියමව සිටින වරෙන්තුකරුවෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය මහජන සහාය පතනවා.

නෝර්ට්න් බි‍්‍රජ් අළුඔය ජනපදයේදී පුද්ගල ඝාතනයක් සහ ස්තී‍්‍ර දුෂණයක් සිදු කිරීම සම්බන්ධයෙන් වරෙන්තුකරු ඇතුළු තිදෙනෙකුට නුවරඑළිය මහාධිකරණය විසින් මරණීය දණ්ඩය නියම කළා. ඒ ඉකුත් මාර්තු මස 09 වැනිදායි.

එහි පළමු චූදිතයා වන ඉලංගකෝන් තිසේරා කමලදාස් නමැත්තා එදින අධිකරණයට නොපැමිණීම නිසා අද දින ඔහු අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කළ බවයි පොලීසිය පැවසුවේ.

අදාළ පුද්ගල ඝාතනය සහ ස්තී‍්‍ර දූෂණය සිදුකර තිබුණේ 2009 වසරේදීයි.

මෙම සැකකරු සම්බන්ධයෙන් තොරතුරක් වෙතොත් පහත සඳහන් දුරකථන අංක වලට දැනුම් දිය හැක.

දුරකථන අංක – 051-2232206 / 071-8591121

asa