Friday, March 29, 2024

General line - 0115112241

රංගේ බණ්ඩාරගේ පුතාට ඇප




රිය අනතුරක් සිදු කර පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැණුනු රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාරගේ පුත‍්‍රයා අද (25) ඇප මත මුදා හැරුණා.

ඒ, ආණමඩුව මහේස්ත‍්‍රාත් ජයනි විජේතුංගගේ නියෝගයකට අනුවයි.

එමෙන්ම ඔහු සමග අත්අඩංගුවට ගැණුනු අනෙක් සැකකරු ද මුදා හරින ලෙසයි මහේස්ත‍්‍රාත්වරිය නියෝග කළේ.

ඒ අනුව එක් සැකකරුවෙකුට රුපියල් පහළොස් දහසක මුදල් ඇපයක් හා රුපියල් ලක්ෂය බැගින් වන ශරීර ඇප දෙකක් නියම කෙරුණා. නඩුව දෙසැම්බර් මස 05 වැනිදා යළි කැඳවීමට නියමිතයි.