Sunday, September 22, 2024

General line - 0115112241

ගාලුපාරේ වාහන ගමනාගමනය අද සීමා කෙරේ




ගාලුපාරේ වාහන ගමනාගමනය අද (26) උදෑසන කාලයේ සීමා කිරීමට සිදුවන බව පොලීසිය නිවේදනය කරනවා.

අද උදෑසන 6.00 සිට ගාලුමුවදොර පිටියේ සිට මොරටුව දක්වා මෙම වාහන ගමනාගමනය සීමා කෙරෙනු ඇති.

පිළිකා රෝහලට ආධාර පිණිස සිදු කෙරෙන පාගමනක් හේතුවෙන් මෙම ක්‍රියාමාර්ග ගැනෙන බවයි පොලීසිය සඳහන් කළේ.

මෙම පාගමන ගාලුමුවදොර පිටියෙන් ආරම්භ කර කොල්ලුපිටිය හංදිය දක්වා ගමන් කර කොල්ලුපිටිය හංදියේ සිට වැල්ලවත්ත දක්වා ගාලුපාර ඔස්සේ විරුද්ධ දිසාවට ගමන් කිරීමට සැලසුම් කර තිබෙනවා.

මේ හේතුවෙන් මාර්ග අවහිරතාවක් ඇති වීමට ඉඩ ඇති බැවින් එම මාර්ගයේ ගමන්ගන්නා මහජනතාව සහ රියදුරන් හැකිතාක් විකල්ප මාර්ග භාවිත කිරීමට කටයුතු කරන ලෙසයි පොලීසිය ඉල්ලන්නේ.