Sunday, April 28, 2024

General line - 0115112241

බස් එකේදී හදවත නැවතුණු ඡායාරූපය ජීවිතය කරගත් සොඳුරුතමයා මිතුරන් හඬවමින් අවසන් ගමනේ (PHOTOS)



ආපහු දවසක හම්බවෙමු
කැමරාවක් අතෙ තියාගෙනම
සංසාරේ මතු දවසක
සොහොයුරන් ලෙසින් . .
මිතුර ඔබට නිවන් සුව ..

මරණය කියන දේ අපිව හොයාගෙන එන්නේ කොයි මොහොතෙද කියලා අපිට කියන්න බෑ.

පහුගිය 24දා රාත්‍රියේ මරන්දන්කඩවලට එන්න කොළඹ ඉඳන් බස් එකේ නැගපු ‍කිංස්ලිත් මොහොතකට හෝ හිතන්න නැතිව ඇති මේ ඔහුගේ අවසන් ගමන වේවි කියලා.

30 හැවිරිදි කිංස්ලි ප්‍රභාත් කුමාරසේකර වෘත්තීය ඡායාරූප ශිල්පියෙක්.

කොළඹ සිට පුදුකුඩිඉරිප්පු දක්වා ඒ-9 මාර්ගය ඔස්සේ ඉකුත් 24දා රාත්‍රියේ ධාවනය වූ බස් රථයකින් මරදන්කඩවල දක්වා පැමිණි ඔහු බස් රථය තුළදීම මියගොස් තිබෙනවා.

බස් රථය මරදන්කඩවල නගරය පසුකර ගල්කුලම ප්‍රදේශයට පැමිණෙන විට එක වරම අසුනකින් පුද්ගලයකු වැටෙනු මගීහු දැක තිබෙනවා.

ඒ අනුව ඔහු ඔසවා නැවැත ආසනයේ මත හිඳුවා ඇතත් එම පුද්ගලයා වචනයක් හෝ කතා නොකිරීම නිසා බස් රථ රියැදුරා සහ කොන්‍ෙදාස්තරවරයා මගීන්ගේ සහාය ලබාගෙන වහාම ඔහු ළඟම පිහිටි මිහින්තලේ රෝහලට ඇතුළත් කර ඇතත් ඒ වන විටත් ඔහු මියගොස් සිටි බවයි පොලිසිය පවසන්නේ.

හෘදයාබාධ තත්වයක් හේතුවෙන් ඔහු මියයන්නට ඇති බවයි විශ්වාස කෙරෙන්නේ.

කෙසේ නමුත් නොසිතූ ලෙස අකාලයේ සමුගෙන ගිය තම මිතුරා වෙනුවෙන් බොහෝ දෙනෙකු ඔහුගේ ෆේස්බුක් ගිණුමේ ඉතා සංවේදී සටහන් කිහිපයක්ම පළකර තිබුණා.

3456456567

453666

456456

13719714_748369578651160_8480014128715008332_o

14039982_763582330463218_4799688077391801071_n

14606496_1029044610537860_3098723761094665275_n

14691042_1308701822494015_1779667966740614696_n

14695504_1182517375152302_3747139388310890931_n

14725486_1207469962624956_1125762694763189726_n

14731193_1308701825827348_9023520735194246170_n

14731375_10154674609043151_7221512277226273765_n