Sunday, September 22, 2024

General line - 0115112241

මුස්ලිම් විවාහ සහ දික්කසාද පනත සංශෝධනය කරන්න යයි




මුස්ලිම් විවාහ සහ දික්කසාද පනත සංශෝධනය කිරීම පිළිබඳ සලකා බැලීමට කමිටුවක් පත් කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිවී තිබෙනවා.

මුස්ලිම් නීතිය යටතේ විවාහ විය යුතු අවම වයස් සීමාව සහ එම නීතියට අදාළ වෙනත් කාරණාවලට අයත් විධිවිධාන සංශෝධනය කළයුතු බවට හඳුනාගෙන තිබෙනවා.

ඒ අනුව ඊට කමිටුවක් පත්කළ යුතු බවට අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්‍ෂ අමාත්‍ය මණ්ඩලයට දැනුම් දුන්නා.

මුස්ලිම් විවාහ සහ දික්කසාද පනතට සිදුකළ යුතු සංශෝධන එම කමිටුව විසින් නිර්දේශ කරනු ඇති.