Sunday, September 22, 2024

General line - 0115112241

විමල් වීරවංශගේ නිවසේ සිටි තරුණයෙකු මරුට




ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්තී‍්‍ර විමල් වීරවංශගේ නිවසේ සිටි තරුණයෙකු හදිසියේ මියගොස් තිබෙනවා.

ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප‍්‍රකාශක මොහොමඞ් මුසම්මිල් පැවසුවේ නිවසේ සිටි තරුණයා රෝගී තත්ත්වයකින් ශී‍්‍ර ජයවර්ධනපුර රෝහල වෙත රැගෙන ගිය පසු මියගිය බවයි.

මන්තී‍්‍රවරයාට අයත් හෝකන්දර ප‍්‍රදේශයේ පිහිටි නිවසේ මෙම තරුණයා සිට ඇති අතර අද (26) පස්වරුවේ මෙම සිදුවීම වාර්තා වුණා.

මේ සම්බන්ධයෙන් තලංගම පොලීසිය විමල් වීරවංශ මන්තී‍්‍රවරයාගේ පවුලේ අයගෙන් ප‍්‍රකාශද සටහන් කර ගෙන තිබෙනවා.