Sunday, September 22, 2024

General line - 0115112241

2017 අයවැයෙන් තෙල් මිලට වෙන දේ ඇමති කියයි




ලබන වසර සඳහා ඉදිරිපත් කෙරෙන අයවැයෙන් තෙල් මිල සම්බන්ධයෙන් ගෙන ඇති තීරණයක් පිළිබඳව ආණ්ඩුව අද (26) අනාවරණයක් සිදු කළා.

එහිදී ඛනිජ තෙල් සහ පෙට්‍රෝලියම් වායු පිළිබඳ අමාත්‍ය චන්දිම වීරක්කොඩි සඳහන් කළේ අයවැයෙන් තෙල් මිල වැඩි නොකරන බවටයි.

එහිදී හෙතෙම වැඩි දුරටත් සඳහන් කළේ “තෙල් මිල වැඩි වෙන්න අවශ්‍යතාවයක් නැහැ. ඛණිජ තෙල් සංස්ථා ඉතිහාසයේ වැඩිම ලාභය මේ වර්ෂයේ වාර්තා කරනවා.” යනුවෙනි.

චන්දිම වීරක්කොඩි අමාත්‍යවරයා එම කරුණු දැක්වුයේ කොළඹ අද පැවැත්වූ මාධ්‍ය හමුවකදීයි.  ආණ්ඩුව කිසිවිටෙකත් පුද්ගලවාදීව කටයුතු නොකරන බවද සෑම විටම කටයුතු කරන්නේ ජනතා අපේක්‍ෂා ඉටුකිරීමට බවද අමාත්‍ය චන්දිම වීරක්කොඩි මෙහිදී අවධාරණය කළා.