Sunday, September 22, 2024

General line - 0115112241

සාගල සහ සුජීව නැගිට යයි (VIDEO)




යාපනය විශ්ව විද්‍යාලයේ සිසුන් දෙදෙනෙකු සැක සහිත ලෙස මියගිය බව කියන සිද්ධිය සහ ප‍්‍රශ්නගත බැඳුම්කර වංචාවට අදාළ කෝප් වාර්තාව පමාවීම සම්බන්ධයෙන් කැබිනට් තීරණ දැනුම් දීම සදහා අද පැවැත්වූ මාධ්‍ය හමුවේදී උණුසුම් තත්ත්වයක් ඇති වුණා.

අමාත්‍ය සාගල රත්නායක එහිදී කියාසිටියේ විශ්ව විද්‍යාල සිසුන් දෙදෙනෙකු සැක සහිත ලෙස මියයාම සම්බන්ධයෙන් ආණ්ඩුව කණගාටුවට පත්වන බවයි. අදාළ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදු කෙරෙන බවද ඔහු පැවසුවා.

ප‍්‍රශ්නගත බැදුම්කර වංචාවට අදාළ කෝප් වාර්තාව පමාවීම සම්බන්ධයෙන් මෙහිදී අදහස් දැක්වුයේ රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහයි. මාධ්‍යවේදීන් ඔහුගෙන් දිගින් දිගටම අතුරු ප‍්‍රශ්න නැගුවා.

කෙසේවෙතත් මෙම මාධ්‍ය හමුව අවසන් කෙරුණේ මාධ්‍යවේදීන් තවදුරටත් ප‍්‍රශ්න අසමින් සිටියදීයි. කාලය අවසන් බව පවසා සුජීව සේනසිංහ සහ සාගල රත්නායක යන අමාත්‍යවරුන් මාධ්‍ය හමුවෙන් පිටව ගියා.

(වීඩියෝව පහතින් දැක්වෙයි)