Sunday, September 22, 2024

General line - 0115112241

කම්කරු නිලධාරීන් යළි සටන අරඹනවාලු




තම ගැටළු සඳහා ලබන සතියේ මුල්දින කිහිපය ඇතුළත විසඳුමක් නොලැබුණහොත් යළි දීපව්‍යාප්ත වැඩවර්ජනයක් අරඹන බව රාජ්‍ය සේවා කම්කරු නිලධාරීන්ගේ සංගමය පවසනවා.

එහි සභාපති අයි. සී. ගමගේ සඳහන් කළේ කම්කරු කොමසාරිස් ජනාරාල්වරයාගේ සහ අමාත්‍යවරයාගේ අත්තනෝමතික ක‍්‍රියාකලාපයන්ට එරෙහිව මෙම වැඩවර්ජනය ක‍්‍රියාත්මක කරන බවයි.

මේ අතර කම්කරු නිලධාරීන් යළි වැඩ වර්ජනයේ නිරතවීම සාධාරණ නොවන බව කම්කරු දෙපාර්තමේන්තුව පවසනවා.

කම්කරු කොමසාරිස් ජනරාල් චාන්දනී අමරතුංග නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ පසුගිය මාසයේ් සිදුකළ වැඩවර්ජනයට අදාළ දින විශේෂ නිවාඩු ලෙස සලකන ලෙසට ඔවුන් දැනුම් දුන් බවයි. එහෙත් එය සිදුකළ නොහැකි බවට රාජ්‍ය පරිපාලන හා කළමණාකරණ අමාත්‍යාංශයේ ආයතන අධ්‍යක්‍ෂ ජනරාල්වරයාද තමන් වෙත දැනුම් දුන් බවයි කම්කරු කොමසාරිස් ජනරාල්වරිය සඳහන් කළේ.