Sunday, September 22, 2024

General line - 0115112241

යාපනය ශිෂ්‍ය සංගමය සිංහල ලිපියකට අත්සන් කර පසුව සිංහල බෑ කියයි (PHOTOS)




යාපනය සිසු ගැටුම සම්බන්ධයෙන් යාපනය විශ්ව විද්‍යාල සිසුන් උතුරු පළාත් ආණ්ඩුකාරවරයා වෙත යොමු කළ පෙත්සම් සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ අවධානය යොමු කරන ලෙසට උතුරු පළාත් ආණ්ඩුකාරවරයා ජනාධිපති වෙත ඉදිරිපත් කළ ලිපියේ පිටපත් සිංහල භාෂාවෙන් යාපනය විශ්ව විද්‍යාල කලා ශිෂ්‍ය සංගමය වෙත ද යොමු කර තිබුණා.

අදාළ ලිපිය සිංහල භාෂාවෙන් ඇති බැවින් කරුණු තේරුම් ගැනීමට නොහැකි බැව් සඳහන් කරමින් විශ්ව විද්‍යාල සිසුන් ආණ්ඩුකාර කාර්යාලය වෙත අදාළ ලිපිය නැවත හරවා යවා තිබෙනවා.

යාපනය විශ්ව විද්‍යාල කලා පීඨ සිසුන් පැවසූවේ සිංහල භාෂාව තේරුම් ගැනීමට තමන්ට නොහැකි බැවින් අදාළ ලියුම නැවත හරවා යැවු බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් ආණ්ඩුකාර කාර්යාලය නිවේදනයන් නිකුත් කරමින් පවසා ඇත්තේ සිංහල නොදන්නා බැව් පවසන යාපනය විශ්ව විද්‍යාල සිසුන්, සිසු ඝාතනය සම්බන්ධයෙන් වන වාර්තාවක් සිංහල භාෂාවෙන් සකස් කොට ඇති අතර ඊට විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය සංගම් නායකයින් අත්සන් තබා ඇති බවයි.

jaffna-www-nethnews-lk00002 jaffna-www-nethnews-lk00003 jaffna-www-nethnews-lk00004

 

(ආණ්ඩුකාරවරයා විසින් සිසුන් වෙත යොමු කළ ලිපිය හා විශ්ව විද්‍යාල කලා පීඨ සිසු සංගමයේ සභාපතිවරයා අදාළ ලිපියේ සඳහන් කරුණු නොතේරෙන බවට පෙන්වා දෙමින් අත්සන් කර ඇති අයුරු.)

jaffna-www-nethnews-lk00001

(සිංහල නොදන්නා බව පවසන ශිෂ්‍ය සංගම් සිංහල භාෂාවෙන් සකස් කරන ලද  ලිපියක් වෙත අත්සන් යොදා තිබු අයුරු දැක්වෙන ලිපිය.)