Sunday, September 22, 2024

General line - 0115112241

කිලිනොච්චියේදී වැඩ පෙන්වන්න ගිහින් වැඩ වරදියි




කිලිනොච්චිය නගරයේ දී පොලිස් නිලධාරියෙකුට පහර දී තුවාල සිදු කිරීමේ චෝදනා යටතේ අත්අඩංගුවට ගත් සැකකරු ලබන 31 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.

ඒ, කිලිනොච්චිය මහේස්ත‍්‍රාත් ඒ. කේ. ආනන්ද රාජාගේ නියෝගයකට අනුවයි.

බීමතින් කළහකාරී ලෙස හැසිරීම සහ රාජකාරී කරමින් සිටි පොලිස් නිලධාරීවරයෙකුට පහරදීමේ චෝදනා යටතේ අදාළ සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කෙරුණා.

මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කෙරුණේ කිලිනොච්චිය ධර්මපුරම් ප‍්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි ආරුමුගම් නවනීදරාසා නමැති පුද්ගලයෙක්.

පහරකෑමට ලක් වූ පොලිස් සැරයන්වරයා තවදුරටත් කිලිනොච්චිය රෝහලේ ප‍්‍රතිකාර ලබනවා. අදාළ පහහරදීම සිදු වූයේ ඉකුත් 25 වන දා පස්වරුවේයි.

jaffna-www-nethnews-lk00001 jaffna-www-nethnews-lk00002 jaffna-www-nethnews-lk00003 jaffna-www-nethnews-lk00004 jaffna-www-nethnews-lk00005 jaffna-www-nethnews-lk00006 jaffna-www-nethnews-lk00007 jaffna-www-nethnews-lk00008 jaffna-www-nethnews-lk00009 jaffna-www-nethnews-lk00010 jaffna-www-nethnews-lk00011 jaffna-www-nethnews-lk00012 jaffna-www-nethnews-lk00013 jaffna-www-nethnews-lk00014 jaffna-www-nethnews-lk00015 jaffna-www-nethnews-lk00016