Sunday, September 22, 2024

General line - 0115112241

භාණ්ඩ සහ සේවා 81 ක් වැට් බද්දෙන් නිදහස්




භාණ්ඩ සහ සේවා 81 ක් වැට් බද්දෙන් නිදහස් කර ඇති බව මුදල් අමාත්‍ය රවී කරුණානායක පවසනවා.

වැට් බදු සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ ඊයේ (26) පැවති විවාදයට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

සහල්, සීනි, තිරිගු පිටි, පරිප්පු, කරවල, ටින්මාලු, උම්බලකඩ, පාන්, දියර කිරි, තේ, රබර්, පොල්, පොල්තෙල්, පොල් කිරි, බිත්තර, ඉස්සෝ, පළතුරු, එළවලු, හාල්මැස්සෝ, රතු ළුණු, අල, සුදු ළුණු, බී ළුණු, මුංඇට, මිරිස්, කව්පි, කඩල, උදු, කොත්තමල්ලි, රටකජු, පොහොර, ඖෂධ, ආයුර්වේද, ගමනාගමන සේවා, ඩීසල්, භූමිතෙල්, පෙට්‍රල්, නිෂ්පාදන බදු අදාළ වන වාහන, ගුවන් යානා තෙල්, බවුසර්, කෘෂි බීජ, කෘෂි යන්ත්‍ර, ධීවර උපකරණ, ඉදිකිරීම් උපකරණ, විදුලිය, විදුලිය ආරක්ෂා කරන විදුලි බුබුළු, සූර්ය බලය, අධ්‍යාපන සේවා, පුස්තකාල සේවා, පරිගණක සහ උපාංග, පරිගණක මෘදුකාංග, මුද්‍රිත පොත්, ක්‍රීඩා උපකරණ, ජීවිත රක්ෂණ, ජංගම දුරකතන, මැණික්, මුතු, දියමන්ති, රත්‍රං, ප්ලැටිනම්, නිවාස ඉඩපහසුකම් සැපයීම සහ විකිණීම, කුලී,බදු ආදිය ඒ අතර වනවා.

මෙම භාණ්ඩ හා සේවා සම්බන්ධයෙන් ලැබෙන පැමිණිළි මත දැඩි නීති රීති ක්‍රියාත්මක කිරීමට පාරිභෝගික සේවා අධිකාරියට දන්වා ඇති බවත් සඳහන් කළා.