Sunday, September 22, 2024

General line - 0115112241

සමිට්පුර සිව්පුද්ගල ඝාතනය ගැන එකොළොස්දෙනා වමාරයි




මට්ටක්කුළිය සමිට්පුර ප‍්‍රදේශයේ ඉකුත් දා සිදු වූ සිව් පුද්ගල ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැණුනු ප‍්‍රසාද් කුමාර නොහොත් කුඩු රොෂාන් ඇතුළු සැකකරුවන් 11 දෙනා රඳවාගෙන ප‍්‍රශ්න කිරීමට අධිකරණය කොළඹ අපරාධ කොට්ඨාශයට අද (27) අවසර ලබාදුන්නා.

ඒ අනුව සැකකරුවන් 11 දෙනා ලබන 31 වන දා දක්වා රඳවාගෙන ප‍්‍රශ්න කිරීමටයි කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් චන්දන කලංසූරිය නියෝග කළේ.

අදාළ සැකකරුවන් අද උදෑසන කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේ දී මෙම නියෝගය නිකුත් කර තිබෙනවා.

සැකකරුවන්ගෙන් තවදුරටත් ප‍්‍රශ්න කළ යුතු බවට කොළඹ අපරාධ කොට්ඨාශය කළ දැනුම් දීම සැලකිල්ලට ගනිමින් මහේස්ත‍්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළා.

මේ අතර මට්ටක්කුලිය මෙම සිව් පුද්ගල ඝාතනය සම්බන්ධයෙන් වැදගත් තොරතුරු රැසක් මේ වන විට අනාවරණ වී තිබෙනවා.

පාතාල කි‍්‍රයාකාරිකයෙකු වන ප‍්‍රසාද් කුමාර නොහොත් කුඩු රොෂාන් ඇතුළු 11 දෙනෙකු මෙම අපරාධය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත්තේ රත්නපුරයේදීයි.

මෙම අපරාධයට යොදාගත් බව කියන ටී 56 වර්ගයේ ගිනි අවිය අපරාධයට පෙර සහ පසුව දේවාලයක කපු මහතෙකුට අයත් කඩවත නිවසක සගවා තිබුණු බවද මේ වනවිට හෙළි වී තිබෙනවා.

සැකකාර කපු මහතා මහසෝනා සහ ඊරියකා වෙනුවෙන් පුද පූජා පවත්වන්නෙක්. අදාළ ගිනි අවිය සගවා තිබී ඇත්තේද මහසෝනා සහ ඊරියකාගේ පිළිම අසලයි. මෙම කපු මහතා ලවා කුඩු රොෂාන් නොහොත් ප‍්‍රසාද් කුමාර මහසෝනාට, කඩවර දෙවියන්ට සහ සොහොන් කාලීට භාරහාර වී ඇතැයිද සදහන්.

ආර්. පී. නුවන් සංජීව නොහොත් චූටි උක්කුන් නමැත්තා මියයන ලෙස හූනියමක්ද කර තිබෙනවා. ආර්. පී. නුවන් සංජීව නොහොත් චූටි උක්කුන් ඉකුත්දා සිදුවූ සිව් පුද්ගල ඝාතනයෙන් මියගිය අයගෙන් කෙනෙක්. මෙලෙස මියගිය තුන් දෙනෙකුගේ අවසන් කටයුතු අද (27) සිදුකිරීමට නියමිතයි.