Sunday, September 22, 2024

General line - 0115112241

මැතිඇමතිවරු කළ අනිසි බලපෑම් ගැන උපේක්ෂා හෙළි කරයි




පාර්ලිමේන්තුව තුළ දී ලිංගිකත්වය පදනම් කර ගනිමින් මන්ත‍්‍රීවරියන්ට ඇතැම් මැති ඇමතිවරුන්ගෙන් හිරිහැර සිදු වන බව හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රිනී උපේක්ෂා ස්වර්ණමාලී අනාවරණය කළා.

අන්තර් පාර්ලිමේන්තු සංගමයේ නව වාර්තාව සම්බන්ධයෙන් සාකච්ඡාවකට එක්වෙමින් ඇය මේ බව කියා සිටියා.

“මට පෞද්ගලිකව තියෙන ලොකුම අත්දැකීමක් තමයි මට අනවශ්‍ය යෝජනා පවා යම් යම් අය සිදු කළා. ප්‍රේම සම්බන්ධතාවයක් ගොඩනගා ගන්න.. ඒ අයගේ කාර්යාලයට ගෙන්න ගන්න.. උදවු කරන්න.. වගේ දේවල් යෝජනා කළා. පිටරට සංචාරවලට යන්න.. පිටරට ගියාට පස්සේ ඒ අයට කම්මැලි වුණාම මට කෝල් කරන්න වගේ දේවල් තිබුණා.”

(එම හඬපටය පහතින් දැක්වෙයි.)

තමන් මුහුණදුන් අත්දැකීම් සම්බන්ධයෙන් වරක් රෝසි සේනානායක මන්ත‍්‍රීවරියව දැනුවත් කළ බවත් එහි දී ඇය තමන්ට උපදෙස් දුන් ආකාරයත් උපේක්ෂා ස්වර්ණමාලි විස්තර කළා.

(එම හඬපටය පහතින් දැක්වෙයි.)