Sunday, September 22, 2024

General line - 0115112241

කිලිනොච්චි ආරක්ෂාව බිඳ වැටිලාලු – පොලිසිය ගැන අභ්‍යන්තර පරීක්ෂණ




යාපනය විශ්ව විද්‍යාලයේ සිසුන් දෙදෙනෙකුගේ මරණයත් සමග කිලිනොච්චි නගරයේ සහ ඒ අවට ප‍්‍රදේශවල ඇති වූ නොසන්සුන්කාරී වාතාවරණය සම්බන්ධයෙන් පොලිසිය අභ්‍යන්තර පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග පැවසුවේ සිසුන් දෙදෙනාගේ මරණයෙන් පසු කිලිනොච්චි ප‍්‍රදේශයේ ආරක්ෂක තත්වය සම්පූර්ණයෙන්ම බිඳවැටී ඇති බවයි.

ඉකුත් 25 වැනි දා පැවති හර්තාල් ව්‍යාපාරය කිලිනොච්චි නගරයේ ද පැවැත්වුණා. එය කල්වේලා ඇතිව දැනගෙන තිබිය දී ඒ සම්බන්ධයෙන් කිලිනොච්චි දිසාව භාර පොලිස් ප‍්‍රධානීන් නිසි ක‍්‍රියාමාර්ග ගෙන නොමැති බවයි පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ.

කිලිනොච්චියේ ආරක්ෂාව බිඳ වැටීමට එය ද ප‍්‍රධාන හේතුවක් වී තිබෙනවා. එමෙන්ම අදාළ හර්තාල් ව්‍යාපාරයට සහය නොදී ධාවනය කෙරුණු ලංගම බස් රථ කිහිපයකටද කිසියම් පිරිසක් පහර දී තිබුණා. ඉන් කොන්දොස්තරවරයෙකු ද තුවාල ලබා තිබූ බවයි පොලිසිය පවසන්නේ.

එමෙන්ම මාන්කුළම් පොලිස් වසමේ මුරුක්කන්ඩි කෝවිල අසල දී ඒ නවය මාර්ගයේ ගමනාගමනයට බාධා වන අයුරින් ටයර් පුළුස්සා උද්ඝෝෂණයක් ද පැවැත්වුණා.