Sunday, September 22, 2024

General line - 0115112241

වැට් බදු වැඩි කිරීම දින කිහිපයකට කල්යයි




වැට් සහ ජාතිය ගොඩනැගීමේ බදු සංශෝධන නොවැම්බර් මස පළමු වෙනිදා සිට ක්‍රියාත්මක බව මුදල් අමාත්‍යංශය පවසනවා.

ඊට අදාළ පනත් කෙටුම්පත් ඊයේ පාර්ලිමේන්තුවේදී සම්මත වුණා.

ඒ අනුව සියයට 11 සිට සියයට 15 දක්වා වැට් බද්ද ඉහළ යනු ඇති.

තොග සහ සිල්ලර වෙළෙඳාමට අදාළ වැට් ලියාපදිංචි කිරීමේ සීමාව මාසික පිරිවැටුම රුපියල් මිලියන 12යි දශම 5ක් හෝ වාර්ෂිකව රුපියල් මිලියන 50ක් වනවා.

දුම්වැටි, මත්පැන්, දුරකථන සේවා, විදුලි උපකරණ, සුවඳ විලවුන්, ආභරණ සහ කිරිපිටි සඳහා වැට් බද්ද අදාළ වන බවයි මුදල් අමාත්‍යංශය සඳහන් කළේ.

සෞඛ්‍ය සේවාවන් හි වෛද්‍ය ගාස්තු, විශේෂඥ වෛද්‍ය ගාස්තු, රෝහල් කාමර ගාස්තු ද වැට් බද්දට යටත්.

නව සංශෝධනයට අනුව සියයට 2ක්ව පැවති ජාතිය ගොඩනැගීමේ බදු අනුපාතයේ කිසිදු වෙනසක් නොවන අතර කාර්තුවකට රුපියල් මිලියන 3යි දශම 7යි 5ක්ව පැවති පිරිවැටුම් පරිමාව රුපියල් මිලියන 3 දක්වා අඩුකර තිඛෙනවා.

දුරකථන සන්නිවේදන සේවා, ජාතිය ගොඩනැගීමේ බද්දට අදාළ බවද මුදල් අමාත්‍යංශය සඳහන් කළා.