Sunday, September 22, 2024

General line - 0115112241

මේ ආණ්ඩුවට මනුස්සකම නෑ




මහබැංකු බැඳුම්කර ගනුදෙනුවේදී සිදුව ඇති අක්‍රමිකතා සම්බන්ධයෙන් හිටපු මහබැංකු අධිපතිවරයාට නඩු පැවරිය යුතු බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

ගාල්ලේදී මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියා.

ආණ්ඩු පක්ෂයේ පිරිසක් ඊයේ වැට් පනත් කෙටුම්පතට අදාළ ඡන්ද විමසීම මගහැරිය බවද මහින්ද රාජපක්ෂ මහතා මෙහිදී සදහන් කළා.  එසේ මගහැරීමෙන්ම ඔවුන් මෙම වැට් පනතට ඇති විරෝධය පෙනෙන බව ඔහු සඳහන් කළා.

මෙම ආණ්ඩුවට කිසිදු මනුස්සකමක් නොමැති බවත්,ජනතාවගේ අසීරුතා ඔවුන්ට නොතේරෙන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළා.