Sunday, September 22, 2024

General line - 0115112241

රණවිරුවන් ඉදිරියේ ජනපති පොරොන්දුවක් දෙයි




අල්ලස් කොමිසම, එෆ්.සී.අයි.ඩිය සහ සී.අයි.ඩිය සම්බන්ධයෙන් පදනම් ආයතනයේදී ඉකුත් දා සිදුකළ ප්‍රකාශය පිළිබඳ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද පැහැදිලි කිරීමක් කළා. ඒ, බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති උත්සවයකදීයි.

වර්තමාන ආන්ඩුව තුළ ලබාදී ඇති මාධ්‍ය නිදහස ප්‍රයෝජනයට ගනිමින් පසුගියදා තමා පදනම් ආයතනයේදී කළ කතාව මාධ්‍ය විසින් ඉතා පහත් ලෙස විකෘති කර දැක්වූ බව ජනාධිපතිවරයා මෙහිදී ප්‍රකාශ කළා.

තමාට කොතරම් පහර ගැසුවද ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් ඇති ප්‍රතිපත්තිය කිසිලෙසකින් වෙනස් නොකරන බවද ජනපතිවරයා මෙහිදී ප්‍රකාශ කළා.

ත්‍රිවිධ හමුදා සාමාජිකයින් වෙත වීර පදක්කම් සම්මාන ප්‍රදානය කිරීම වෙනුවෙන් මෙම උත්සවය පැවැත්වුණා.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු මැති ඇමතිවරුන් පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියා.