Sunday, September 22, 2024

General line - 0115112241

බැඳුම්කර වංචාවෙන් එක් පුද්ගලයෙකු විසි දහසක ණයකරුවෙකු කරලා




බැඳුම්කර වංචාවෙන් මේ වන විට සිදුව ඇති මූල්‍ය පාඩුව අනුව මෙරට එක් පුද්ගලයෙකු රුපියල් විසි දහසක ණයකරුවෙකු කර ඇති බව දූෂණ විරෝධී පෙරමුණ පවසනවා.

එහි උපදේශක කීර්ති තෙන්නකෝන් පෙන්වා දෙන්නේ ඉකුත් රජය සමයේ සිදුවූ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පාඩුව මගින් ද මෙරට එක් පුරවැසියෙකු රුපියල් හතළිස් නව දහසකින් පමණ ණයකරුවෙකු කර ඇති බවයි.