Sunday, September 22, 2024

General line - 0115112241

ශ්‍රී පාද අඩවියේ හෝටල් ව්‍යාපෘතිය නිසා අහිතකර බලපෑම්




ශ්‍රී පාද අඩවියේ ඉදිකෙරෙන හෝටල් ව්‍යාපෘතිය හේතුවෙන් එම සංවේදී පරිසර කලාපයට එල්ල වන අහිතකර බලපෑම් අවතක්සේරු කළ නොහැකි බව පරිසරවේදීන් පෙන්වා දෙනවා.

මාඋස්සාකැලේ ජලාශයට ඉහළින් පිහිටි මරේ දියඇල්ලට ආසන්න පෞද්ගලික ඉඩමක මෙම ඉදිකිරීම සිදුවෙමින් පවතිනවා.

කෙසේ වෙතත් අදාළ ප්‍රදේශයේ ඉදිකිරීම් සඳහා පරිසර අධ්‍යයන වාර්තාවක් ලබාගැනීම අත්‍යවශ්‍ය බවයි පරිසරවේදී නීතිඥ ජගත් ගුණවර්ධන පෙන්වා දෙන්නේ.

කෙසේ වෙතත් අඹගමුව ප්‍රාදේශීය සභාවේ ලේකම් එස්. සරවනන් පැවසුවේ අදාළ ස්ථානයේ සංචාරක නිකේතනයක් ඉදිකිරීමට අනුමැතිය ලබා දී ඇති බවයි.

එහෙත් අදාළ ව්‍යාපෘතිය සඳහා පාරිසරික වාර්තාවක් ලබාගෙන නොමැති බවයි පරිසරවේදී ජගත් ගුණවර්ධන පවසන්නේ.

එවැනි තත්ත්වයක් තුළ අදාළ ඉදිකිරීමට අවසර ලබාදුන්නේ කෙසේදැයි ගැටලූ මතුවන බවද ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නා.