Sunday, September 22, 2024

General line - 0115112241

අබලන් ගොඩනැගිල්ල නිසා පොලිස් නිලධාරියෙක් රෝහලේ




පානදුර උතුර පොලිස් ස්ථානයේ අපරාධ අංශය පිහිටි ගොඩනැගිල්ලේ කොන්ක‍්‍රීට් තට්ටුවක කොටසක් කඩාවැටීමෙන් පොලිස් නිලධාරියෙකු තුවාල ලබා තිබෙනවා.

එම නිලධාරියා ප‍්‍රතිකාර සඳහා පානදුර රෝහලට ඇතුළත් කර ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ. ‍

මෙම ගොඩනැගිල්ල අබලන් තත්ත්වයේ පවතින බැවින් එය කඩා ඉවත් කර නව ගොඩනැගිල්ලක් ඉදිකිරීමට නිර්දේශ කර ඇත්තේ 2009 වසරේ මැයි මස 27 වෙනි දිනයි.

එහෙත් මේ දක්වා මෙම ගොඩනැගිල්ල ඉවත් කර නව ගොඩනැගිල්ලක් ඉදිකිරීමට කටයුතු කර නැහැ.