Wednesday, April 17, 2024

General line - 0115112241

කුණු ඉවත් කරන්න ඇමති පාරට




කොළඹ නගරයේ එක් රැස්වන කැලි කසල ඉවත් කිරීමේ විශේෂ වැඩසටහනක් අද (30) සිදු කෙරෙනවා. ඒ, ලෝක නගර දිනයට සමගාමීවයි.

මෙම විශේෂ වැඩසටහන ක‍්‍රියාත්මක වන්නේ කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිට, බැස්ටියන් මාවත හා ඕල්කට් මාවත යන ප‍්‍රදේශ කේන්ද්‍ර කරගනිමින්.

අමාත්‍ය පාඨලී චමිපික රණවකගේ ද සහභාගීත්වයෙන් මෙම වැඩසටහන සිදු කරන බවයි මහනගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යංශය පැවසුවේ.

මේ අතර කොළඹ නගරයේ දෛනිකව එක්රැස් වන කැලි කසල සඳහා තවමත් ස්ථීර විසඳුමක් නැත්තේ මන්දැයි නෙත් නිවුස් අමාත්‍යංශ ලේකම් නිහාල් රූපසිංහගෙන් විමසීමක් කළා.

එහිදී හෙතෙම පැවසුවේ කොළඹ නගරයේ දිනකට කැළිකසල ටොන් 1500 ක් පමණ එක්රැස් වන බවත් ගැටලුවට විසඳුම්, ඉදිරි වසර දෙකක ව්‍යාපෘතියක් බවත් පැවසුවා.

මේ අතර ලෝක නගර දිනයට සමගාමීව දෙමටගොඩ ‘‘ මිහිඳුසෙන්පුර’’ නිවාස සංකීර්ණය පිරිසිදු කිරීමේ වැඩසටහනක් ද අද සිදු කෙරෙනවා.