Friday, April 26, 2024

General line - 0115112241

ගාල්ල ජනතාවට අද “නිල මෙහෙවර” ඇරඹෙයි




‘‘නිල මෙහෙවර’’ ජනපති ජනතා සේවයේ දෙවන අදියර ගාල්ල දිස්ත‍්‍රික්කයේදී අද (30) ආරම්භ වනවා.

පළමු වැඩසටහන පෙරවරු අටට ආරම්භ වන්නේ නියාගම, පෝද්දිවෙල මහ විද්‍යාලයේදීයි.

දිස්ත‍්‍රික්කයේ ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 19 යම ආවරණය වන පරිදි මෙම කටයුත්ත සිදු වනවා.

මේ  පිළිබඳ අදහස් දැක්වූ ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන සඳහන් කළේ මේ වන විට ජනතා ප්‍රශ්න ලක්ෂ දෙකකට වැඩි ප්‍රමාණයක් ලැබී තිබෙන බවයි.

‘‘නිල මෙහෙවර’’ ජනපති ජනතා සේවයේ පළමු අදියර පොළොන්නරුව දිස්ත‍්‍රික්කයේ දී ඉකුත් දා පැවැත්වුණා.